Saturday, September 21, 2024

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් බඩල්කුඹුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට




පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු බඩල්කුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පින්නකැටිය ප‍්‍රදේශයේ ස්ථානයක අනවසරයෙන් කැණීම් කරමින් සිටියදීයි. 

මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් බඩල්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. 

ඔවුන් අද මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.