Saturday, September 21, 2024

General line - 0115112241

නාත්තන්ඩියේ නීතිවිරෝධී ඖෂධ අලෙවි සැලක් වැටලේ (PHOTOS)




නාත්තණ්ඩිය, කොට්ටාරමුල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය රජයේ ලියාපදිංචි කර නොමැති ඖෂධ අළෙවි සැලක් පුත්තලම දිස්ති‍්‍රක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා. 

එහිදී මෙරටට ගෙන්වීමට අවසර නොමැති ඖෂධ පෙති විශේෂයක් එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කාණ්ඩ අංක, නිෂ්පාදිත දින සහ කල්ඉකුත්වීමේ දින ඇතුළත් කොටස ඉරා දැමූ සිරප් වර්ග කිහිපයක්ද වැටලීම සිදුකළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. 

මත්වීම සදහා ඖෂධ වර්ග භාවිත කරන පුද්ගලයන්ට මෙම ස්ථානයෙන් ඖෂධ නිකුත් කර ඇතැයි සැක කෙරෙන බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.