Saturday, September 21, 2024

General line - 0115112241

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයටත් සැක පිළියන්දලින් ඇල්ලූ වෑන් රථය




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන යාම සදහා යොදාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් වෑන් රථය එම සිද්ධියට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ගණනාවකට යොදාගෙන ඇතැයි සැක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. 

අදාළ වෑන් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ පිළියන්දල ප‍්‍රදේශයේ තිබියදීයි. 

කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මේජර් බුලත්වත්තගේ හිතවතියකගේ නිවසක තිබී එම වෑන් රථය සොයා ගැණුනු බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.