Saturday, September 21, 2024

General line - 0115112241

කාන්තා කම්කරුවන් නිසා දුම්රිය අසීරුතාවක




කම්කරු තනතුර සදහා පසුගිය සමයේ කාන්තාවන් වැඩි වශයෙන් බදවා ගැනීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අපහසුතාවකට පත්ව සිටිනවා. 

එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ කම්කරු තනතුර සදහා කාන්තාවන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය සමයේ දේශපාලන බලපෑම් මත බදවා ගෙන ඇති බවයි. 

ඔවුන් මේ වනවිට රත්මලාන දුම්රිය වැඩබිමෙහි කාර්යාලයේ සහ දුම්රිය ස්ථාන කිහිපයක රාජකාරී සදහා යොදවා ඇති බවද එම ප‍්‍රකාශකයා සදහන් කළා. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී ස්වභාවය අනුව කම්කරු තනතුර සදහා බදවා ගනු ලබන්නේ පිරිමි පුද්ගලයන්. 

ඊට හේතුව වන්නේ බර වැඩ සදහා එම කම්කරුවන් යොදා ගැනීමයි. 

එහෙත් බදවා ගෙන සිටින කාන්තා කම්කරුවන් එවැනි කටයුතු සදහා යොදාගත නොහැකි බවද අදාළ ප‍්‍රකාශකයා සදහන් කළා.