Saturday, September 21, 2024

General line - 0115112241

මන්තී‍්‍ර විමල් කොළඹ ජාතික රෝහලට




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. 

බන්ධනාගාරය තුළ උපවාසයකට නිරත වූ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය ඉරිදා දිනයේයි.

එහෙත් රෝහලේදී පවා ඔහු ආහාර ලබාගත්තේ නැහැ. 

මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සදහන් කළා.