තමන්ට විදේශගතවීම සදහා අවසර ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද (29) අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කොළඹ මහාධිකරණය මගින් ඔහුගේ විදේශ ගමන් තහනම් කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛණ ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ වන නඩුවකට අදාළවයි.
අධිකරණය හමුවේ මෝසමක් ගොණු කරමින් තිස්ස අත්තනායක ඉල්ලා සිටියේ ඕස්ටේ්රලියාවේ අධ්‍යාපනය ලබන සිය දියණියගේ සුවදුක් විමසීම සදහා අපේ‍්‍රල් මස 10 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලීම අපේ‍්‍රල් මස 3 වනදා තෙක් කල් තැබුණා.