Saturday, September 21, 2024

General line - 0115112241

ඩී.එස්. සිසුන් ඇතුළු 16 කට මරු කැඳවූ කොටුවේ බෝම්බයට අනුබල දුන් වරදකරුට දඬුවම් දෙයි




2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලායට අද (29) බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් නියම වුණා.

අදාළ නඩු තීන්දුව අද ප‍්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණය විසින්. මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල ලබා දුන් බවට වරදකරු වූයේ කනගසබේ දේවදාසන් නොහොත් නාදන් නැමැත්තායි.

ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණා.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.