ජාතික ආරක්ෂාවට අඳළා නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, ක‍්‍රීඩකයින් ඝාතනය කිරීම් සහ පහරදීම් වැනි සිදුවීම්වලට අදාළ පරීක්ෂණවල දී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමට අයත් වුව ද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල ආරක්ෂිත සේවා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමිණි.
කිසිඳු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමන් සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළා.