Saturday, September 21, 2024

General line - 0115112241

සිසුන් සීයයකට විභාගය අහිමි කළ විදුහල්පති ගැන පරීක්ෂණ




මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයේ සිසුන් පිරිසකට පළමු වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

විදුහල්පතිවරයා විසින් මෙලෙස සිසුන් සිය දෙනෙකුට වාර විභාගයට පෙනී සිටීම අහිමි කර තිබුණේ පාසල් සංවර්ධන ගාස්තු නොගෙවීම හේතුවෙන්.

විදුහල්පතිවරයා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ සිද්ධිය පිළිබඳ වාර්තා වූ වහාම ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පියවර ගත් බවයි.