Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ බලපෑම් හමුවේ එජාපය ස්ථාවරය වෙනස් කරයි




සිය දැඩි බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය වෙනස් කරගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මෙම අදහස් පළ කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "රටේ නීතිය කරවන පාර්ශ්ව පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි මේ ගැන පොලිස්පතිතුමාටත් මතක් කරන්න ඔනේ. විශේෂයෙන් බැඳුම්කර සිද්ධියේදි එහි විනිසුරු සහ සාක්ෂිකරුවන් ආරක්ෂාව ඉල්ලා යැවූ ලිපියට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ලොකු සැකයක් තිබෙනවා." යනුවෙනි.

ඉකුත් දා ජනාධිපතිවරයා සහ පළාත් මහ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.