Saturday, September 21, 2024

General line - 0115112241

යාපනයේ මන්ත්‍රිවරු වැඩිවෙයි - බදුල්ලේ අඩුවෙයි




දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රී ධූර වෙනස් වී ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 09 ආසන 08 දක්වා අඩු වී ඇති අතර  යාපනය දිස්ත්‍රික්කයේ ආසන 06 ආසන 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මන්ත්‍රී ආසන සංඛ්‍යාව නීර්ණය කිරීම සිදු කර ඇත්තේ 2016 ඡන්ද හිමි නාමලේඛණය අනුවයි.