කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයින් අද (29) වර්ජනයේ නිරත වුණා.
ඒ හෙදියන් විසින් සුළු සේවිකාවන් දෙදෙනෙකුට ටොකු ඇණීමේ සිද්ධියකට විරෝධය දක්වමින්.
මේ හේතුවෙන් රෝහල වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවකට ලක් වු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ක‍්‍රියාත්මක කළ පැය විසි හතරක සංකේත වැඩවර්ජනය හේතුවෙන්ද දිවයිනේ රෝහල් කිහිපයක කටයුතුවලට අද බාධා එල්ල වුණා.