Monday, December 23, 2024

General line - 0115112241

වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්




මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට අද කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා. 

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුණේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සමීපතමයින් දෙදෙනෙකුටයි. 

ඔවුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් ගොනුකර තිබුණේ 2013 වසරේ දී බම්බලපිටිය ප‍්‍රදේශයේ හෙරොයින් කිලෝග‍්‍රෑම් එකක් ළග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. 

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූයේ විසි අට හැවිරිදි බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.