Saturday, September 21, 2024

General line - 0115112241

උපවාසය අවසන් කළ විමල්ට ආහාරදීම පාලනය කෙරේ




දින නවයක් පුරා සිදු කළ උපවාසය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

වෛද්‍යවරුන් පවසන්නේ තවදුරටත් මන්ත‍්‍රීවරයාට දියර වර්ග පමණක් පානය කරන ලෙසට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව දියර වර්ග ලෙස මන්ත‍්‍රීවරයා තවදුරටත් කිරි පමණක් පානය කරමින් සිටිනවා. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා අද (30)පෙරවරුවේ සිය උපවාසය අවසන් කළේ ද කිරි වීදුරුවක් පානය කරමින්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ රජයේ වාහන අවභාවිත කළ බවට වූ චෝදනාව මතයි.

ඉකුත් 22 වැනිදා ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කළ ඔහු ඊයේ (29) දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.