Monday, May 6, 2024

General line - 0115112241

යොවුන් පුරය පළමු දිනය සාර්ථකයි




ත‍්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන යොවුන් පුරයේ පළමු දිනයේ කටයුතු මේ වනවිට සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ අද දිනයේ තරුණ තරුණියන් ප්‍රායෝගික වැඩසටහන් රැසකට එක් වූ බවයි. මෙහිදී සිදු කරන සියලු කාර්යයන් අනාගතයේ ඔවුන්ගේ ජීවිත ජයග්‍රහණ කරා රැගෙන යාමට වඩාත් ප්‍රයෝජනවත් වන බවද සඳහන් කෙරුණා.

අනාගත තරණ පරපුර ස්වශක්තියෙන් නැගී සිටීමට හුරුපුරුදු කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක්.