පොදු ස්ථානවල සහ මංමාවත්වල කෙල ගැසීමෙන් සහ කැළි කසල බැහැර කිරීමෙන් වලකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඉදිරියේදී මෙවැනි ක්‍රියාකාරකම් සිදුකර පුද්ගලයින් පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
බස්නාහිර පළාත තුළ සහ ඉන් පිටතට සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබලා එවැනි ක්‍රියාකාරම් සිදුකරන පුද්ගලයින්ගේ දඩ මුදල් අයකරන ආකාර සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැහැදිලි කළා.