Saturday, September 21, 2024

General line - 0115112241

පේ‍්‍රමදාස පිටියේ විස්සයි විස්ස පරාජිත ලේබලය ගැලවීමට සිංහයන් අද තරග බිමේ




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (04) පැවැත්වෙනවා. 

රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7ටයි. 

බංග්ලාදේශය ආර්. පේ‍්‍රමදාස පිටියේදී පන්දුවාර විස්ස තරගයකට එක්වන පළමු අවස්ථාවද මෙය වනවා.

අද තරගයේදී ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කරන ආරම්භක පිතිකරු යුගල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 5කින් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස කි‍්‍රකට් ජයක් වාර්තා කිරීමට සමත්වී නැහැ. 

අවසන්වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග ජයක් වාර්තා කළේ 2012 වසරේදීයි. 
එ් පාකිස්තානයට එරෙහිවයි. 

මේ දක්වා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පන්දුවාර විස්ස තරග 11කට එක්වූ ශී‍්‍ර ලංකාව එක් තරගයක් පමණක් ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

මේ අතර, ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 4ක් ජයගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. 

ඉකුත් වසරේ පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේදී බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කළා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට අන්තර් ජාතික පන්දුවාර විස්ස ශේ‍්‍රණිගත කිරීම් සටහනේ පසුවන්නේ 08වන ස්ථානයේයි.

බංග්ලාදේශයට එම සටහනේ දසවන ස්ථානය හිමිව තිබෙනවා.

මේ අතර, අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අද තරගය ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවක්ද සිදු කෙරෙන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 

උන්වහන්සේට ශෝකය පළකරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද තරග බිමට පිවිසෙන්නේ කහ පටියක්ද අත පැළඳගෙනයි.