Saturday, September 21, 2024

General line - 0115112241

සර්ව පාක්ෂික සමුළුව ගැන ගම්මන්පිළගේ යෝජනාවට පක්ෂවලින් විරෝධය




ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනිම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමය ඊයේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විරෝධය පළ කරනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආර්ථික  සමුළුවක් කැඳවිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා. 

මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම්.

උදය ගම්මන්පිළ මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. 

ඊට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ අළුත් ආයෝජකයන් රටට ගෙන ඒමෙන් ආර්ථික අර්බුදය විසඳාගත හැකි බවයි. 

ඊට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප‍්‍රකිශ කළා.