Saturday, September 21, 2024

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට




පුපුරණ ද්‍රව්‍යයක් ලෙස සැළකෙන ‘‘වෝටර් ජෙල් කූරු‘‘ කිලෝ ග‍්‍රෑම් 08ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු කුච්චවේලි ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගැණුනා. 

ඒ,  නැගෙනහිර නාවික විධානයට අයත් නැවියන් කළ වැටලීමකදීයි. 

ඊට අමතරව විදුලි ඩෙටනේටර් 15ක්ද සොයා ගෙන තිබෙනවා. 

මසුන් මැරීම සඳහා මේවා භාවිත කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.