Saturday, September 21, 2024

General line - 0115112241

ශේන් වොට්සන්ට අයි පී එල් තාවකාලික නායකත්වයක්




මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඔස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ශේන් වොට්සන් නම් කර තිබෙනවා. 

ඒ, නිත්‍ය නායක විරාත් කෝලි ආබාධයකට ලක් වීම හේතුවෙන්. 

මේ නිසා විරාත් කෝලිට අයි පී එල් තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් අහිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ. 

ඒ අනුව, තාවකාලික නායකයා ලෙස ශේන් වොට්සන් පත් කිරිමට රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගත්තා. 

අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ විමට නියමිතව තිබෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ සන් රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම අතරයි.