Saturday, September 21, 2024

General line - 0115112241

ඇප ඉල්ලා විමල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ යළිි ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. 

එම ප‍්‍රතිශෝධන පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එච් සි ජේ මඩවල ඉදිරියේ කැඳවූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු  සඳහන් කළේ. 

එම ප‍්‍රතිශෝධන පෙත්සම අපේ‍්‍රල් මස 07වන දින සළකා බැලීම සඳහා ද අද දින නියම කෙරුණා. 

තමන්ට ඇප ලබා දීම සඳහා කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම නිෂ්ප‍්‍රභා කර ඇති බවත් එම නියෝගය සංශෝධනය කොට තමාට ඇප පිරිනැමිම සඳහා කටයුතු කරන ලෙසත් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මගින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා  ඉල්ලා තිබෙනවා. 

මිට පෙර ද මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ඇප ඇයදුම් අවස්ථා කිහිපයක් ප‍්‍රතික්ෂේප කෙරුණා. 

එය අභියෝගයකට ලක් කරමින් ඔහු ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් ද මහාධිකරණය විසින් මීට පෙර ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.