Saturday, September 21, 2024

General line - 0115112241

ශිෂ්‍ය භික්ෂූන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර (UPDATE)




අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ පා ගමනක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ලෝටස් වටරවුමේදී මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

------------------

ලෝටස් වටරවුම යළිත් වසා දමයි - විරෝධතා පා ගමනක් කොළඹට

(04-04-2017: 16:33)

විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම වසා දමා තිබෙනවා. 

ඒ අනුව සෙරමික් හන්දියේ සිට ලෝටස් මාර්ගයේ එන්.එස්.ඒ වටරවුම දක්වා ගාලු පාර වසා දමා තිබෙනවා.

ඒ හේතුවෙන් රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග බාවිතා කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.