Saturday, September 21, 2024

General line - 0115112241

"ජ්‍යෝතීෂ්‍යවේදීන් පල්ම පල් වෙලා ගියා" - ඇමති අවුරුදු නැකැත් කමිටුව ඉදිරියේ කියයි




මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම මාධ්‍ය හමුවට, මෙවර නැකැත් නිවැරදි බව ප‍්‍රකාශ කරන නැකැත් කමිටුවේ ජ්‍යෝතිෂ්‍යවේදීන් හා මෙවර නැකැත් නිවැරදි නොවන බව ප‍්‍රකාශ කරන ජ්‍යෝතිෂ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියා.

එහි දී දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද ඇති වුණා. මෙවර නැකැත් නිවැරදි නොවන බව ප‍්‍රකාශ කරන ජ්‍යෝතිෂ්‍යවේදී ජී.එම්. ගුණපාල කියා සිටියේ විශේෂයෙන් ආහාර අනුභවය නැකැත රටට අවැඩදායක බවයි. එම නැකත සුබ ග්‍රහයන් දුර්වල අවස්ථාවක යොදාගෙන ඇති බවද සඳහන් කළා. 

එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන ජ්‍යෝතිෂ්‍යවේදී කේ.ඒ සරත්චන්ද්‍ර පෙන්වා දෙන්නේ මෙම නැකැත් ජ්‍යෝතීෂ්‍යවේදීන් 30 දෙනෙකු එකතු වී සකස් කළ එකක් බවයි. 

කෙසේවෙතත් මෙම උණුසුම් තත්ත්වයෙන් පසුව අමාත්‍ය එස්. බී නාවින්න ද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ "මේ ජ්‍යෝතීෂ්‍යවේදීන් පසුගිය කාලයේ පල්ම පල් වෙලා හිටියේ. සමහර අය මාස ගාණක් හැංගිලා හිටියා. ඒ දේ නැවත කරගන්න හදන්න එපා." යනුවෙනි.