Saturday, September 21, 2024

General line - 0115112241

එජාපයට නිසි පිළිතුරු ලැබෙයි




කොළඹ  ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ලක්ෂ විස්සක පමණ පිරිසක් සහභාගිවනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියා.

පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ සෑම රැස්වීමක්ම එක්සත් ජාතික පක්ෂය විසින් විහිළුවකට ගත් බවත් මෙවර මැයි රැළියේදී ඊට නිසි පිළිතුරු ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළා.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා.