Saturday, September 21, 2024

General line - 0115112241

මුහුද මැද ගිනිගත් බහලුම් නෞකාව උදව් ඉල්ලා නාවික හමුදාවට කතා කරයි




පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා නම් බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවට නෞකාවේ දේශීය නියෝජිතවරයෙකු විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ගින්න නිවා දැමීම සඳහා පී 412 සහ පී 436 යන වේග ප්‍රහාරක යාත්‍රා පිටත් කර හැර තිබෙනවා. තවද ඒ සඳහා කොළඹ වරාය සතු රාවණා සහ මහ වැව යන ටග් යාත්‍රාවන් ද එක් කර තිබෙනවා. 

රාවණා සහ මහ වැව ටග් යාත්‍රාවන් විපතට පත් නෞකාව වෙත යාත්‍රා කර එහි ගින්න මැඩලීමට කටයුතු කරන තෙක් පී 412 හා 436 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එම නෞකාවේ කාර්යය මණ්ඩලයේ ජීවීත ආරක්ෂා කර ගැනීමට හා නෞකාවට සිදු වෙමින් තිබූ අලාභහානිය අවම කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ගිනි ගනිමින් යාත්‍රා කරන ලද ඩැනීලා නෞකාව වෙත කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33 ක් පමණ දුරකදී රාවණා සහ මහ වැව ටග් යාත්‍රාවන් ලඟා වූ අතර, එතැන් සිට නෞකාවේ ගින්න නිවීමේ කාර්යයන් ඔවුන් විසින් සිදු කළා.

එම ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වන තෙක් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 එම මුහුදු සීමාවේ රඳවා තබා තිබෙනවා.