Sunday, September 22, 2024

General line - 0115112241

සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ලාංකිකයින් මව්බිමට පැමිණෙයි




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් මීට සුථ මොහොතකට පෙර මෙරටට පැමිණියා.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිට පසුව නිදහස ලද ශ‍්‍රී ලාංකික නාවිකයින් අට දෙනා අද පස්වරු 05.12 ට පමණ මෙලෙස යළි මව්බිමට පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් මව්බිමට පැමිණියා.

ඔවුන් පිළිගැනීමට ඥාතීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව ද සඳහන්.