Sunday, September 22, 2024

General line - 0115112241

නාමල්ට පහරදුන් දෙදෙනෙක් හඳුනගනී




මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හමුදා බුද්ධි නිළධාරීන් හය දෙනාගෙන් හතර දෙනෙකු අද (12) ඇප මත මුදා හැරුණා.

ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් අනූවයි.

සැකකරුවන් හය දෙනාම අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර සාක්ෂිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු එහිදී හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ. ඇප මත මුදා හැරුණේ සෙසු සැකකරුවන් හතර දෙනායි. 

මෙම හමුදා බුද්ධි නිළාධාරීන් 06 දෙනා මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් ද සැක පිට අත්අඩංගුවට ගෙන මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.