ඉපලෝගම ප්රදේශයේදී පසුගියදා පැහැරගැනීමට ලක්වූ බවට වාර්තාවූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අජන්ත පුෂ්පකුමාර බියගම නැමති මෙම පුද්ගලයා නොච්චියාගම ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (13) අලුයමයි.
මොහු අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැළකෙන අතර සුදු වෑන් රථයකින් පැහැරගැනීමේ සිද්ධියද සැකකරු විසින් සැළසුම් කරන ලද්දක් බවටයි හෙළිවී ඇත්තේ.
(වැඩි විස්තර පහතින් දැක්වෙයි)