නවසීලන්තයේ දූපතක සිටින ජනතාවට වහා ඉවත් වෙන ලෙස එරට රජය නිවේදනය කර තිබෙනවා.
සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ උතුරුදිග දිවයිනේ නැගෙනහිර පළාතේ සිටින ජනතාවටයි මෙලෙස වහා ඉවත් වන ලෙස දැනුම්දී ඇත්තේ.
කුක් නමින් නම් කර ඇති මෙම කුණාටුව මෙතෙක් ඇතිවූ කුණාටුවලින් දරුණුතම ගණයේ එකක් වන බවටයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
නවසීලන්තයේ වේලාවෙන් අද පස්වරු හයට පමණ එය උතුරුදිග දිවයිනට ඇතුලූ විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.