Sunday, September 22, 2024

General line - 0115112241

පාතාල කල්ලි දෙකක් කඩුවෙලදී ගැටෙයි - දෙදෙනෙක් මරුට (PHOTOS)




නවගමුව පොලිස් වසමේ කඩුවෙල - මාලඹේ මාර්ගයේදී කොතලාවල හංදියේ පාසල් වංගුව අසළදී අද (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිපලයක් බව පොලිසිය සැක පළ කරනවා.

යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

පසුව ඔවුන් පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙදෙනා මිය ගොස් තිබෙනවා.