Sunday, September 22, 2024

General line - 0115112241

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය රටවටෙන්ම පාරට එයි




උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි නෙත් නිවුස් වෙත පැවසුවේ ඉකුත් කාලසීමාවේදි තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් පමණක් බීමත් රියදුරන් එක්දහස් තුන්සිය අනූ හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. 

මෙම කාලසීමාවේදී යතුරුපැදි අනතුරු බහුලව සිදුවන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.