Sunday, September 22, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ බක්මහ උළලේ ජයග්‍රාහකයින්ට ලැම්බෝගිනි බෙදලා (PHOTOS)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (13) අවුරුදු උත්සවයක් පැවැත්වුණා.

ඒ දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන්.

මෙම අවුරුදු උළලේ තරඟ විවිධ ජනප්‍රිය නාමයන්ගෙන් නම් කර තිබීම විශේෂත්වයක් වුණා.

ඒ අනුව කණා මුට්ටිය බිඳීම - මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබුණා.

බැලුන් පිපිරවීම - ගූගල්  වයිෆයි බැලුන් ලෙස නම් කර තිබුණා.

අලියට ඇහැ තැබීම - රත්තරන් අශ්වයාට ඇස තැබීම ලෙස නම් කර තිබුණා.

කඹ ඇඳීම -  ආණ්ඩුවේ පක්ෂ දෙක ලෙස නම් කර තිබුණා.

පිටි මත කාසිය සෙවිම - ලැම්බෝ ගිණි සෙවිම ලෙස නම් කර තිබුණා.

තරඟවලින් ජයග්‍රහණ ලැබූ තරඟ කරුවන්ට ලැම්බෝගිනි සෙල්ලම් කාර් සහ සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිම මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා.

මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා යනුවෙන් සැඟවුනු අමුත්තා නම් කර තිබීම තවත් විශේෂත්වයක්.

හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල  පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු රැසක් මෙම අවස්ථාවට  සහභාගි වුණා.