Sunday, September 22, 2024

General line - 0115112241

සමයංගේ ගෝලයෙක් අංගොඩ ලොක්කාගෙන් පළිය ගන්න වැඩ පටන් අරං




කඩුවෙල - කොතලාවල ප‍්‍රදේශයේ අද (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ විමර්ශන සිදු කෙරෙනවා.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ උර්ජුවා නැමති පාතාල කල්ලි සාමාජිකයෙක්. ඔහු සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුෂාර නැමති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මීට පෙර තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බව පොලිසිය පැවසුවා. වෙඩි වැදීමෙන් මිය ගිය අනෙක් පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 

පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමයං නැමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනයට ලක් වුණා. එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා විසින් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ.