Sunday, September 22, 2024

General line - 0115112241

හෙට දිවයින පුරා දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ වර්ජනයක්




දිවයින පුරා සේවය කරන දුම්රිය ගේට්ටු මුරකරුවන් හෙට (14) දුම්රිය හරස් මාර්ග ගේට්ටු තුළ කළු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වීමට සූදානමින් සිටිනවා.

උතුරු පළාත් දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් රාජ් කුමාර් කියා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු නැගෙනහිර පළාත් දුම්රිය ගේට්ටුකරුවන් පවත්වන විරෝධතාවට සෙසු පළාත්වල දුම්රිය ගේට්ටු මුරකරුවන් ද සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

ස්ථීර පත්වීම් ලබාදෙන ලෙසත්, දැනට ක‍්‍රියාත්මක වන රුපියල් 7500ක දීමනාව ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාව ක‍්‍රියාත්මයි.