Sunday, September 22, 2024

General line - 0115112241

පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරු පළා යයි




පොලිස් සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා.

පානදුර දකුණ පොලීසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවෙකුයි මෙලෙස ඉන් පලාගොස් ඇත්තේ.

එම අවස්ථාවේ සිර මැදිරියේ දොරෙහි අගුළු දමා නොතිබු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

සැකකරු පලායන අවස්ථාවේ පොලිස් නිලධාරිණියක් සහ පොලිස් සැරයන්වරයෙකු පොලිස් ස්ථානයේ සිට තිබෙනවා.

ඔවුන් රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද තීරණය කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.