Saturday, May 4, 2024

General line - 0115112241

දැඩි සුළඟකින් අරලංගවිල නිවාස රැසකට හානි




අරලගංවිල ප‍්‍රදේශයට වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයෙන් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. 

ඊයේ පස්වරුවේ මෙම දැඩි සුළං තත්ත්වය ඇති වූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

මෙත්සිරිගම ගම්මානයේ නිවාස 12ක්, සිංහ උදාගම ගම්මානයේ නිවාසයක් සහ කුඩා වැව ගම්මානයේ නිවාස 06කට ඉන් හානි සිදුව තිබෙනවා. 

හානි සිදුවූ නිවාස පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.