මෙරටට ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆෝසෙට් කෘෂි රසායනික ද්‍රව්‍ය ලීටර 32,000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක් තුළ බහා ලීටර 200 බැරල් 160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා තිබුණා. මේවා මෙරටට ගෙන්වු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා.