Wednesday, May 8, 2024

General line - 0115112241

අතුරුදන් වූවන් සොයා ඥාතීන් යළිත් සටන අරඹයි




යුද සමයේ දී අතුරුදන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් වව්නියාවේ පිරිසක් අදත් (23) උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.

මීට පෙර ඔවුන් මාරාන්තික උපවාසයක් ද සිදු කළ අතර එය අවසන් කෙරුණේ අතුරුදන්වූවන් පිළිබඳ සති දෙකක් ඇතුළත කිසියම් පිළිතුරක් ලබාදෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දුවත් සමගයි.

එහෙත් එම පොරොන්දුව ලබාදී මේ වනවිට මාස දෙකකටත් වැඩි කාලයක් ගත වී ඇතත් තමන්ට පිළිතුරක් නොලැබුණු බව උද්ඝෝෂකයින් පැවසුවා.