Tuesday, December 17, 2024

General line - 0115112241

යාපනය සරසවි ගැටුම ගැන පාඨලී කතා කරයි




යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් ශිෂ්‍ය කණ්ඩායම් හෝ වෙනත් අය සිටීනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැළණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු සිය නවක ශිෂ්‍යාවන්ට කලිසම් අඳින්නට එපා යැයි කියමින් නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවා නම් යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම් සිදු කර සිසුන්ට බරපතල තුවාල කළ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයිද යන්නයි.

මෙවැනි සිද්ධීන් මුලදීම පරාජය කළ යුතු බවත් සාමය සහජීවනය, නිදහස සහ අයිතිය පිළිබඳව කතා කරන සියලු දෙනා රටේ සංස්කෘතික නිදහස ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත් සඳහන් කළා. නොමැතිනම් හෙට දිනයේදී මේවා ප්‍රභාකරන්ගේ අංකුර බවට පත් වී ගැටළු රැසක් ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.