Sunday, September 22, 2024

General line - 0115112241

මට නම් ඒක නිකං දැනුනේ විහිලුවක් වගේ..නෑ විහිලු නෙමෙයි මේක සීරියස් වෙන්න ඕන - ෆොන්සේකාගේ අලුත් තනතුර ගැන ශ්‍රී ලනිපයේ මත ගැටුමක්




අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට කළ බව කියන යෝජනාව සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයකින් පක්ෂ විපක්ෂ අදහස් පල විය. 

මේ, අද පැවති උත්සවයකින් අනතුරුව ඒ පිළිබද අදහස් දැක් වූ ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පළ කල අදහසකි.

‘‘කැබිනට් රැස්වීමේදි අතිගරු  ජනපතිතුමා  ඇහුවා මමත් පුදුම වුණා ඔබතුමා ලෑස්තිද හමුදාව භාරගන්න කියලා.මම අත් දෙකම උස්සලා කීවා නෑ කියලා ඒ පාර කිව්වා ආරක්ෂක මණඩළ ප්‍රධානී තනතුර භාරගන්න කියලා ඒකටත් මම අත් දෙකෙන් සංඥා කරලා කීවා නෑ කියලා.. පස්සේ එතන සාකච්ඡාවක් ඇතිවුණා රටේ හදිස්සි තත්වයක් ඇති වුනොත් ඒවා පලානය කිරීම, සඳහා එතකොට අත්‍යවශ්‍ය සේවා අඩපණ වුනොත් ඒවා ක්‍රියාත්මක කරගන්න අවශ්‍යතාවක් තියනවා එවැනි කටයුතුක්නදි ඔබතුමා වගකීමක් ගන්න කියලා.. සියලු අැමතිවරුන් අනුමත කලා ඒක ඒ වෙලාවේ මම කිව්වා සාකච්ඡා කරලා බලලා කළ යුතු ක්‍රමවේදයක් ගැන කතා කරමු කියලා. ඉතිං ජනාධිපතුමාගේ අවශ්‍යතාවය මොකද්ද කියලා අපට වැටෙහනවා..රට ගැන හතිලා හරි පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා..‘ 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ ජනාධිපතිවරයා සිදු කළ යෝජනාව විහිළුවක් යැයි තමන් විශ්වාස කරන බවයි.

‘‘මට නම් ඒක නිකං දැනුනේ විහිලුවක් වගේ ජනාදිපතුමා කරපු එතුමා කැබිණට් රැස්වීමේදි  සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඇහුවා ආපහු හමුදාපති වෙන්න කැමැති නැද්ද කියලා.මට නම් ඊට එහා යමක් එතනදි දැනුනේ නෑ මම නම් ඒක එච්චර ගනන් ගන්නෑ .ෆොන්සේකා මැතිතුමාට හමුදාව භාරදුන්නොත් හමුදාව බොහොම වේගවත්ව විනයානුකුලව හොඳට යයි ඉතිං ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ දැං මේ වෙලාවේ යුද්ධයක් නැති හින්දා ඕ ශක්තිය සංවර්ධයනයට යොදාගන්න පුලුවන් වෙයි ඉතිං ඒක හොඳයිනේ‘‘.. 

කෙසේ වෙතත් එම මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පල කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ අදහසකි.

‘‘මම කියන්නේ ඒක සීරියස් වෙන්න ඒන දෙයක් මම විහිලුවක් කියන්නෑ මමත් කැමති වුණා මමත් අත ඉස්සුවා අල්ප පිරිසකට මේ රට එකතැන නවත්වන්න දෙන්න බෑ එහෙනම් මේ රටේ ජනතාව ගැන ආන්ඩුවට වගකීමක් නැද්ද මෙහෙම වෙන්න දෙන්න බෑ මම දන්නෑ ජනාධිපතිතුමා විහිලුවට කීවට ඇත්තට කීවද කියිලා හැබැයි මම හිතනවා එතුමා සීරියස් කිව්වා නම් හොඳයි ඒක  සීරියස් වෙන්ඩ ඕන දෙයක්. කරන්න ඕන දෙයක්. සුදු වෑන් නෙමෙයි ගහන්නේ මරන්නේ නෑනේ ඒ වෘත්තීයට වෘත්තිකයෝ පුහුනු කරනවා එච්චරයි වැඩේ ගෙනියනවා තෙල් බෙදන එක මහ වැඩක් නෙමෙයිනේ දැං ඉතිං ඉස්සර එහෙමනේ කලේ වරාය ස්ට්‍රයික් කරනකොට හමුදාවෙන් ගිහිල්ලා හමුදාවේ වැඩකළ බඩු බෑවො මිනිසුන්ට කන්න දුන්නා ඉතිහාසය අපි දන්නවානේ ‘‘..

මේ අතර ජාතික හෙළ උරුමය අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී අමාත්‍ය පාඨලී චම්පික රණවක ද මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කළේය. 

2017 ලාල් කාන්ත  මහා වැඩවර්ජනය කැඳවපු වෙලාවේ කොහොමද මහින්ද මහත්තයා වැඩ කලේ? මතකද  සමස්ථ මහා වැඩවර්ජනය ගෙනාපුවාම මහින්ද මහත්තයා පවුඩර් දාන්න ගියේ නෑනේ.. අපි ඒක මර්ධනය කලා. මර්ධනය කරලා රටේ අතයවශය සේවා ලබාදුන්නා.. ඒ නිසා තමයි යුද්ධය ජය ලැබුවේ ..යහපාලනය කියන්නේ නොමපාලනය නෙමෙයි. මහින්ද මහත්තයා කරපු දේ නෙමෙයි අපි කරන්න යන්නේ.. රටට පාලනයක් ගේන එක.. රටේ පාලනය ලක්ෂ 62ක ජනතාව බාරදීලා තියෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේනට..රටේ ජනතාවගේ අත්‍යවශය සේවා සපයන්න භාරදීලා නෑ වෘත්තීය සමිති වලට ඒක භාර දීලා තියෙන්නේ මේ රටේ ආන්ඩුවට.. යැයි කීවේය.