Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි




ලෝකය හමුවේ ඇති ගැටළු සදහා විසදුම් සෙවීමේ දී අධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.. 

 ‘ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග’යන මැයෙන්  අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය සංවිධාන කළ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ අවස්ථාව සඳහා කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.