Sunday, September 22, 2024

General line - 0115112241

උතුරේ හර්තාලයට රිෂාඩ්ගේ අමාත්‍යංශයේ වාහන යෙදවූ බවට චෝදනා




උතුරු හා නැගෙනහිර පළාත්වල ඊයේ පැවති හර්තාල් ව්‍යාපාරය සදහා තමන් සහය දැක්වීමක් සිදු නොකළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා. 

එම හර්තාල් ව්‍යාපාරයට රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් සහය දක්වන බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම හර්තාලය සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයට අයත් වාහන ද යොදාගෙන ඇති බවයි. 

එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා දැනුවත් කිරීමට සිය සංගමය කටයුතු කළ බවයි. 

අතුරුදන්වූවන් සොයාදෙන ලෙස රජයට බල කිරීම, ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්වුණා. 

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු උතුරේ හර්තාලයට සහය දැක්වීම අනුමත කළ නොහැකි බවයි.