Sunday, September 22, 2024

General line - 0115112241

කැබිනට් තීරණයකින් තහවුරු වූ ණය අර්බුදය ගැන මන්ත්‍රී බන්දුලගෙන් හෙළිදරව්වක්




ආණ්ඩුව මුහුණපා සිටින මූල්‍ය අර්බුදයෙන් ගැලවීම සදහා ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගනිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කිරීමේ සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා ගනු ලැබූ තීරණයෙන් එය පැහැදිලි වන බවයි. 

මෙම වසර තුළ කල් පිරීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ද ඇතුළුව ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කිරීමේ සීමාව අමෙරිකානු ඩොලර් මිලියන 1500 සිට අමෙරිකානු ඩොලර් මිලියන 3000 දක්වා වැඩි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා තීරණය කළේ. 

මෙලෙස දිගින් දිගටම අසාමාන්‍ය ලෙස ණය ගැනීම මෙරට ආර්ථීකයට ඔරොත්තු නොදෙන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.