Sunday, September 22, 2024

General line - 0115112241

ජී එස් පී ප්ලස් බදු සහනයෙන් රු බිලියන 240ක වාසියක්




ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජය වීමත් සමග අමෙරිකාව පාර්ශවයෙන් ද ශ්‍රී ලංකාවට තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් මෙම යෝජනාව ලක් රජය වෙත ඉදිරිපත් වූ බවයි. 

ඇමරිකානු සමාගම් 28ක් පමණ මෙරට ක්‍රියාශීලව ක්‍රියාත්මක වන බවත්, ඔවුනට විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

යුරෝපා කොමිසමෙන් හිමි වූ ජී එස් පී ප්ලස් බදු සහනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ඉදිරියේ දී හිමිවන බවෙ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

මෙම නිසා රු බිලියන 240ක පමණ වාසියක් හිමිවන බවත් අපනයන කරන ප්‍රමාණයට 11.12% පමණ එකතු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එමෙන්ම මෙය කිසිදු කොන්දේසියකට යටත්ව සිදු නොවන්නක් බවත්, සියලු අපනයන්ට මෙමගින් වාසියක් අති විශාල වාසියක් අත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ ජනතාව සාමාජීය වශයෙන් මෙන්ම ආර්ථීක වශයෙන් ද ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම වන බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියා සිටියේය.