Sunday, September 22, 2024

General line - 0115112241

මැයි දිනය සඳහා බස් රථ 5000ක් - මුදල් වෙන්වන හැටි මෙන්න




මෙවර මැයි දිනය සදහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් බස් රථ පන්දහසක් මේ වනවිට ආණවුම් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි සදහන් කළේ මුදල් ගෙවූ පසු පමණක් අදාළ බස් රථ මුදා හැරීමට කටයුතු කරන බවයි. 

බස් රථ සදහා මුදල් අය කරන ක්‍රමවේදය පිළිබදව ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

කිලෝමීටර් 100ට අඩු දුර සඳහා රු 7500ක්, කිලෝමීටර් 100ත් 150ත් අතර රුපියල් 11000ක්,කිලෝමීටර් 150ත් 250ත් අතර රුපියල් 13500ක්,කිලෝමීටර් 250ත් 350ත් අතර රුපියල් 16500ක් සහ කිලෝමීටර 750ට වැඩි දුර සඳහා රුපියල් 35000ක් අය කරන බව මෙහෙයුම් අධිකාරීවරයා ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් මැයි මස පළමු වනදා ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සියලූ කටයුතු සංවිධාන කර ඇති බවද ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි සදහන් කළා.