Sunday, September 22, 2024

General line - 0115112241

ෆොන්සේකාගේ නව තනතුර හමුදා කුමන්ත්‍රණයකටද? - රණවිරු සංගමයකින් අනතුරු ඇගවීම්




ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයක දී ආණ්ඩුව පරාජයට පත්වුවහොත් හමුදා කුමන්ත්‍රණයකින් යළි බලය අල්ලා ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කර ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. 

එහි කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කළේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ආරක්ෂක අංශ පාලනය කිරීමේ බලය ලබාදීම මගින් එය මනාව පැහැදිලි වන බවයි. 

හිටපු යුද හමුදාපතිවරයා නව තනතුර භාර ගන්නේ නම් ඔහුට යුද හමුදා ඇදුමින් සැරසී සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද පෙනී සිටීමේ හැකියාවක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරුණා. 

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ආණ්ඩුවට අවාසි සහගත බව අවබෝධ වීම නිසා තීරණය ගෙන ඇති බවයි මේජර් අජිත් ප්‍රසන්න වැඩිදුරටත් කියා සිටියේ.