Sunday, September 22, 2024

General line - 0115112241

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද හෝ හෙට




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද හෝ හෙට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් පනස්අට දහසක් පමණ ලැබී තිබුණා.

මේ අතර 2016 - 2017 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ කඩයිම් ලකුණු මැයි මස අවසානයේ දී නිකුත් කිරීමට නියමිතයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කළේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් මෙම අධ්‍යයන වර්ෂය සදහා බදවා ගන්නා බවයි.

අයදුම්පත් තෝරා ගැනීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා.