Sunday, September 22, 2024

General line - 0115112241

ගුරු සහයක දීමනාව රුපියල් දස දහස දක්වා ඉහළට




වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල්වල සේවය කරන ගුරු සහයකයින්ට ආණ්ඩුව විසින් ලබාදෙන දීමනාව රුපියල් දස දහස දක්වා ඉහළ නැංවීමට තීරණය කරනු ලැබ තිබෙනවා. 

මේ දක්වා ඔවුන්ට ලබාදෙන්නේ රුපියල් හය දහසක දීමනාවක්. 

ගුරු සහයකයින් විසින් සිදු කරන ලද ඉල්ලීම් හා ජීවන වියදම සැලකිල්ලට ගනිමින් දීමනා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

එය මෙම වසරේ පෙබරවාරී පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදෙනු ඇති.