Sunday, September 22, 2024

General line - 0115112241

අපරාධ රැසකට සම්බන්ධ මිනුවන්ගොඩ කලූ අජිත් අත්අඩංගුවට




ගම්පහ ප‍්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ප‍්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී සිටිනවා. 

ඒ අතරට පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන වැලිවේරිය ලියනගේ ක‍්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් ද අයත්. 
ඔහු මිනි මැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන රැසකට අවශ්‍යව සිටි අයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එමෙන්ම ඔහු පොළොන්නරුව, මිනුවන්ගොඩ හා අත්තනගල්ල යන මහේස්ත‍්‍රාත් අධිකරණවලින් වරෙන්තු ද ලැබූ සැකකරුවෙක්.

ගම්පහ කිරිඳිවිට ප‍්‍රදේශයේ දී ජීප් රථයකින් ගමන් කළ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධියට ද ඔවුන් සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. 

වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 08ක් ද පොලිස් භාරයට ගැණුනා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.