Sunday, September 22, 2024

General line - 0115112241

මැයි පළමු වනදා දේශපාලන රැළිවලට පෞද්ගලික බස් 7000ක්




මෙවර මැයි දිනය සඳහා දේශපාලන පක්ෂ වෙත බස් රථ හත්දහසක් පමණ ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

වැඩිම බස් රථ සංඛ්‍යාවක් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. 

මේ අතර මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් බස් රථ පන්දහසක් මේ වනවිට ඇණවුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා. 

මැයි දිනය සමරමින් පවත්වන දේශපාලන රැළි 16ක් මෙවර පැවැත්වෙන අතර ඉන් 15ක්ම පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින්.